අමෙරිකාවේ කොරෝනා මරණ 40000 දක්වා ඉහළට

Share

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් අමෙරිකාවේ සිදුවු මරණ සංඛ්‍යාව 40,000 ඉක්මවා ගොස් තිබේ.

 

ගතවු පැය 24 තුළ මරණ 1537ක් සිදු වීමත් සමඟ එරට සමස්ථ මරණ සංඛ්‍යාව 40,548ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.

එම මරණ සංඛ්‍යාවෙන් අඩක්ම නිව්යොර්ක් ප්‍රාන්තයෙන් වාර්තාවීම විශේෂත්වයකි.

අමෙරිකාවේ ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 25,511 දෙනෙකු හදුනාගැනීම සමඟ එරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව හත්ලක්ෂ 64,303ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ආසාදිතයන් අතරින් සුවය ලබා ඇත්තේ පුද්ගලයින් 71,003 දෙනෙකු පමණක් වන අතර එරට සුවය ලැබීමේ ප්‍රතිශතය සියයට දහයටත් අඩු සංඛ්‍යාවක් වෙයි.

කොවිඩ්-19 පරික්ෂණ වැඩිම සංඛ්‍යාවක් සිදුකර ඇති රටවන අමෙරිකාවේ අද වන විට පරික්ෂණ තිස් අට ලක්ෂ  හැට එක් දහස ඉක්ම වු සංඛ්‍යාවක් සිදුකර තිබේ.

‍මේ වන විට ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 24 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 65, 004ක් ලෙසයි දැක්වෙයි.

Read more

Local News