විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක්

Share

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පීඩාවට පත් විගමනික ශ්‍රමිකයින්ට සහන ලබාදීම සඳහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

 

ඒ සඳහා විදේශ දූත මණ්ඩල 16ක කම්කරු සුබසාධක අංශ වෙත මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති බව එම කාර්යාංශය සඳහන් කළේය.

අබුඩාබ, බහරේන්, සයිප්රසස්, ඩුබායි, ඊශ්‍රායල්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව සහ සිංගප්පූරුව යන රටවල විගමනික ශ්‍රමිකයින් සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබාදීම මේ යටතේ සිදුවෙයි.

විගමනික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්ත්වය නොසලකා ඔවුන්ට සහන ලබාදෙන ලෙස විදේශ දූත මණ්ඩල වෙත උපදෙස් ලබා දී තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමනික ශ්‍රමිකයින් පිළිබඳ විමසීම් කළ හැකි බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

Read more

Local News