ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 650 ක් අත්අඩංගුවට

Share

ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 650 කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ එම කාලය තුළ වාහන ද 165 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එමෙන්ම ඇඳිරි නීතීය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 34500 කට ආසන්න බවද ඒ මහතා පැවසීය.

වාහන ද 8800 ක් පමණ පොලිස් බාරයට ගෙන ඇති බවද පැවසු ඒ මහතා ඉදිරි නෛතික පියවර නීතිපති උපදෙස් මත ගනු ලබන බවද පොලීසිය පවසයි.

ඇඳිරි නීතිය ඉවත් කර ඇත්තේ අවමඟුල් හා එවැනි ක්‍රියාවල නියැලීමට නොව රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම සඳහා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News