ඉන්දියාවේ මාධ්‍යවේදීන් 50කට අධික පිරිසකට කොරෝනා ආසාදනය වෙයි

Share

ඉන්දියාවේ මුම්බායි හි මාධ්‍යවේදීන් 50 කට අධික පිරිසකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

මුම්බායි හිදී මාධ්‍යවේදීන් 171 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර ඉන් 53 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

විද්‍යුත් හා මුද්‍රත මාධ්‍යවේදීන්, ඡායාරූප ශිල්පීන් සහ කැමරා ශිල්පීන් වෛරසය ආසාදනය වූ මාධ්‍යවේදීන් අතර වන බව සඳහන්.

කෙසේවෙතත් අදාල මාධ්‍යවේදීන් අතරින් වැඩි පිරිසක් කොවිඩ් නයින්ටීන් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගනිමින් දිල්ලිහි මාධ්‍යවේදීන් ද කොවිඩ් නයින්ටීන් වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබේ.

Read more

Local News