මහ මැතිවරණය ලබන ජුනි මස 20 වන දින පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි.
ඒ අනුව සියලු රාජ්‍ය නිලධාරීන් සිය තැපැල් ඡන්ද අයදුම්පත් මැයි මස 04වනදා හෝ ඊට පෙර දිනකදී දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් මාර්තු දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමඟ අප්‍රේල් මස 25වනදා මහමැතිවරණය පැවැත්වීමට දින නියම කෙරුණි.
කෙසේ වෙතත් කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හමුවේ මහමැතිවරණය කල්දමන බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඉදිරි මහමැතිවරණය ජූනි මස 20 වැනි දින පැවැත්වීමට ජාතික මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේය.
ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණි.
මේ අතර කිසිදු හේතුවක් මත පැරණි පාර්ලිමේන්තුව යළි කැඳවීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මේ අතර මහ මැතිවරණය සම්බන්ධයෙන් සියලුම පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාව්ක් අද මැතිවරණ කාර්යාලයේදී පැවැත්වුණි.



