පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කරමින් අද දිවයින පුරා බෞද්ධ විහාරස්ථානවලත් , හින්දු කෝවිල් සහ ඉස්ලාම් දේවස්ථානවලත් ආගමික වතාවත් පැවැත්වුණි.
දිවයින පුරා බෞද්ධ විහාරස්ථානවලද පාස්කු ඉරුදින ප්රහාරයෙන් මිය ගිය පිරිස් සිහිපත් කර ආගමික වතාවත් පැවැත්වුණි.
මහනුවර ශ්රී දළඳා මාලිගාව, රුවන්වැලිමහ සෑය, කැලණි විහාරය ඇතුළු බෞද්ධ සිද්ධස්ථාන රැසක මෙලෙස පිංකම් සංවිධාන කර තිබුණි.
එමෙන්ම හින්දු කෝවිල් සහ ඉස්ලාම් දේව්ස්ථානවලත් අද දින ආගමික වතාවත් සිදුකෙරුණි.



