කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු කරගැනුණු කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසට ගොස් දින කිහිපයක් ගත කර පැමිණි වැල්ලම්පිටියේ දෙදෙනකුටද වෛරසය ආසාදනය වී ඇතැයි සැක මතුව තිබේ.
එම කාන්තාවගේ සොයුරකු , ඔහුගේ බිරිඳ හා මාස හතරක දරුවකු වැල්ලම්පිටියේ සිට ඇඟේ නිවසට ගොස් ඇත්තේ ඇඳිරි නීතිය පැවති පසුගිය තුන්වනදායි.
අදාල කාන්තාවට කොවිඩ් වැළඳී ඇති බව හෙළි වී ඇත්තේ ඔවුන් එහි දින දෙකක් ගත කර නැවත තම නිවසට පැමිණි පසුවයි.
ආසාදිත කාන්තාවගේ වැල්ලම්පිටියේ පදිංචි සොයුරාගේ බිරිඳට හා මාස හතරක වයසැති ඇගේ දරුවාටද ඊයේ රාත්‍රියේ කොවිඩ් 19 ආසාදිත රෝග ලක්ෂණ මතුව තිබේ.
අනතුරුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් අද(21) එම නිවසට ගොස් ඔවුන්ව හෝමාගම මුලික රෝහල වෙත පිටත් කර යැවුණේ PCR පරික්ෂණයට ලක්කිරීම සඳහායි.



