කොරෝනා මර්දන කාර්ය සාධන සමාලෝචන කමිටුව රැස්වෙයි

Share

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂ ක්‍රියාමාර්ග පිළිබඳ තීන්දු කිරීමේ අරමුණින් කොවිඩ් නයින්ටීන් මර්දන කාර්ය සාධන සමාලෝචන කමිටුවේ රැස්වීමක් අද(22) දිනයේ පවත්වා තිබේ.

 

වෛද්‍ය පරිපාලකයින්, පරිපාලන සේවයේ නිලධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන මෙම සමාලෝචන කමිටුව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද රැස් වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

එහිදී නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරනු ලබන පරීක්ෂණ ක්‍රම, ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම, ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ වෛරස ව්‍යාප්තියේ අවදානම, වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, මගී ප්‍රවාහන කටයුතු පිළිබඳව මෙන්ම රෝහල් සත්කාරක සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම යන කරුණු සාකච්ඡා වී තිබේ.

Read more

Local News