දිවයින පුරා කර්මාන්ත ශාලා 217 ක වැඩ අරඹයි

Share

දිවයින පුරා නිදහස් වෙළඳ කලාපවල කර්මාන්ත ශාලා 217 ක කටයුතු මේ වන විට යළි ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

 

රජය විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් එම කර්මාන්ත ශාලාවල කටයුතු යළි ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

ඒ අනුව කර්මාන්තශාලා 217 ක සේවක සේවිකාවන් 30,269 දෙනෙකු මේ වන විට සේවයේ නිරත වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කටුනායක නිදහස් වෙළද කලාපයේ කර්මාන්ත ශාලා 48 ක කටයුතු ආරම්භ කර ඇති අතර බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 35 ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය පෙන්වා දෙයි.

කොග්ගල, සීතාවකපුර, හොරණ, වගවත්ත, වතුපිටිවල, මාවතගම, පොල්ගහවෙල, මල්වතුහිරිපිටිය, මිරිස්සවල හා නුවර  කර්මාන්තපුර හා කර්මාන්ත උද්‍යානවල කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සඳහන්.

මෙම සෑම කර්මාන්ත ශාලාවක්ම දෛනිකව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වන අතර ඒවා තුළ නිසි සෞඛ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳ නිරන්තර පරීක්ෂාවට ලක්වන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Read more

Local News