කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ඇඳිරි නීතිය පැනවු දින 28 ක කාල සීමාව තුළ ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 2128 ක මුදලක් අහිමි වී ගොස් තිබේ.
දෛනිකව ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 76 ක මුදලක් අහිමි වී ඇත.
මේ අතර ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව දෛනිකව රුපියල් මිලියන 15 ආදායමක් අහිමි වීමත් සමඟ ගත වු දින 28 ක කාලය තුළ රුපියල් මිලියන 420 ක පාඩුවක් සිදුව තිබේ.
මේ අතර මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට දෛනිකව සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 30 ක් වන අතර සිදුව ඇති සමස්ත පාඩුව රුපියල් මිලියන 840 කි.
ප්‍රවාහන සේවා හා කළමානාකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට ආදායම් අහිමි වීම පිළිබඳ තොරතුරු ලබා දෙන්නැයි අමාත්‍යා මහින්ද අමරවීර මහතා විසින් නිලධාරීන්ට දුන් උපදෙස් මත මෙම ගණනය කිරීම් සිදුව ඇත.



