පුද්ගලයින් යොදා එන්නතක් අත්හදා බලන්න බ්‍රිතාන්‍ය සුදානම්

Share

රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 17,337 දක්වා ඉහළ යාමෙන් ඊයේ දින එක්සත් රාජධානියෙන් මරණ 828ක් වාර්තාවී තිබුණි.

 

කෙසේ වෙතත් මේ වන විට කොවිඩ් ව්‍යාප්තියේ උපරිමය පසුකර ඇතැයි විශ්වාස කරන බවද එරට වාර්තා සඳහන් කරයි.

කොවිඩ් 19 එන්නතක් පුද්ගලයන් යොදාගෙන අත්හදාබැලීම හෙට(23) දිනයේදී ආරම්භ කරන බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසුවේය.

වෛරසය පාලනය කිරීම සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා දුරකතනය ඔස්සේ සාකච්ඡා කිරීමට නියමිත බවත් බ්‍රිතාන්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News