තවත් කොරෝනා ආසාදිතයෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 105 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනය තුළ පමණක් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් වාර්තා වු අතර සමස්ත රෝගීන් සංඛ්‍යාව 322 ක් දක්වා ඉහළ ගොස් ඇත.
එයින් 11 දෙනෙක්ම මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනයට ලක් වෙමින් සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
අනෙක් රෝගියා පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අයෙකි.
පුද්ගලයින් 7 දෙනෙක් කොරෝනා ආසාදිනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.



