පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික්ක පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.
එලෙස හුදෙකලා කිරීමට පියවර ගෙන ඇත්තේ එම ප්‍රදේශයෙන් අද කොරෝනා වෛරස් ආසාදිතයකු හඳුනා ගැනීමෙන් සමඟය.
ඒ අනුව, වැඩිදුර දැනුම් දෙන තුරු කිසිවෙකුට මෙම ගම්මානවලට ඇතුළු වීමට හෝ පිටව යාමට අවසර නොලැබේ.



