සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ගුරුවරුන් සඳහා වූ දැනුවත් කිරීමේ වැඩමුළුවක් හෙට (19) මාතර දී පැවැත්වෙයි.
පෙ.ව 9.30 ට pearl cliff Hotel හී දී වැඩමුළුව පැවැත්වෙන අතර ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මඟින් වැඩමුළුව සංවිධානය කර ඇත.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩමුළුව ආරම්භ කෙරෙන අතර ජ්‍යේෂ්ඨ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හා ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සේනානි හරිස්චන්ද්‍ර යන මහත්ම මහත්මීන් විසින් දේශන පවත්වයි.