අමෙරිකාවේ සුරතලුන්ට කොරෝනා ආසාදනය වෙයි

Share

අමෙරිකාවේ පළමු වරට සුරතල් සතුන්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

 

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන නිව්යෝර්ක් ප්‍රාන්තයේ බළලුන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

එම එක් සත්ත්වයෙකුගේ හිමිකරු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයෙකු වන අතර අනෙක් සත්ත්වයාට වෛරසය ආසාදනය වූ ආකාරය මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් වෙයි.

මීට පෙර නිව්යෝර්ක් ප්‍රාන්තයේ සත්වෝද්‍යානයේ ව්‍යාඝ්‍රයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැණුණි.

පළමු වරට බළලෙකුට වෛරසය ආසාදනය වීමේ සිදුවීමක් පසුගිය මාර්තු මාසයේ බෙල්ජියමෙන් වාර්තා වී තිබුණි.

Read more

Local News