දෙවන සිසුන් කණ්ඩායම රැගෙන ඒමට ගිය විශේෂ ගුවන් යානය දිවයිනට ළඟා වෙයි

Share

ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය ඉන්දියාවේ අම්රිත්සාර් ගුවන්තොටුපලින් සිසුන් රැගෙන මේ වන විට දිවයිනට ළඟා වී තිබේ.

 

එම සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යු.එල්.1145 දරණ ගුවන් යානය අද(23) උදෑසන 6.15ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේය.

ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු කාර්යය මණ්ඩලයේ අට දෙනෙකු මෙම ගුවන් ගමන සඳහා සහභාගී වී සිටින අතර ඔවුන් ඉන්දියාවේ රැඳි සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන යළි පස්වරු 2.55ට වෙත පැමිණීමට නියමිත බව සඳහන් වෙයි.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින සිසුන් 101 දෙනෙකු අද දිනයේ මෙම ගුවන් යානයෙන් දිවයිනට පැමිණීමට නියමිතයි.

ගුවන් තොටුපලට පැමිණීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු යොදා තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පළමු කණ්ඩායම ලෙස පාකිස්ථානයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 113 දෙනෙකු පසුගිය 21 වැනිදා පස්වරුවේ දිවයිනට පැමිණියේය.

තවත් 210 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට(24) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News