ශ්‍රී ලංකාව පුරා පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය යුද හමුදාව හා ආරක්ෂක අංශ හරහා අද(23) සිට ආරම්භ කර තිබෙන බව රජය පවසයි.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද කොළඹ පැවති කැබිනට් මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසුවේ, ලංකාවේ සමහර තැන්වල පොහොර හිඟකමක් වාර්තා වන බවයි.
කොළඹට පොහොර ලැබී තිබුණත් පිට පළාත්වලට පොහොර ලැබී නොතිබීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇතැයි ද ඒ මහතා පැවසීය.
මේ හේතුවෙන් පොහොර ලේකම් කාර්යාලය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව අද දිනයේ දී ආරක්ෂක අංශවල සහයෝගයෙන් පොහොර අදාළ දිස්ත්‍රික්ක වෙත පිටත් කර හැරී බවද අමාත්‍යවරයා කියා සිටියේය.
කොළඹට මුලික පොහොර ලැබී ඇති බවත් පැවසු අමාත්‍යවරයා, ඉදිරි දින කීපය තුළ ලංකාවේ ප්‍රාදේශීය පළාත්වලට බෙදා හැරීමට කටයුතු කරන බවත් පැවසීය.



