යලකන්නයේ ප්‍රධාන බෝග 14 ක් සඳහා සහතික මිලක්

Share

දේශීය කෘෂිකර්මය නඟා සිටුවමින් ගොවියන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉදිරි යලකන්නයේ ප්‍රධාන බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් නියම කර තිබේ.

 

අද(23) කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.

ඒ අනුව, මෙම මිල ගණන්වලට වෙළඳපොළේ බෝග මිලදී ගැනීම සිදු නොවුණහොත් රජය මැදිහත් වී අදාළ මිලට ගොවීන්ගෙන් එම බෝගයන් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

බෝග වර්ග 14ක් සඳහා සහතික මිලක් – කිලෝග්‍රෑම් 1කට මිල
———————————————————————-

බඩඉරිඟු         රුපියල්        50.00
අර්තාපල්       රුපියල්       100.00
ලොකු ලූනු    රුපියල්       100.00
රතු ලූනු         රුපියල්       110.00
උඳු                රුපියල්       220.00
මුං ඇට          රුපියල්        200.00
රටකජු          රුපියල්        220.00
වියළි මිරිස්    රුපියල්         650.00
සෝයා බෝංචි රුපියල්       125.00
කුරක්කන්     රුපියල්         175.00
කවුපි             රුපියල්        220.00
තල               රුපියල්        200.00
කොල්ලු        රුපියල්         250.00
කහ               රුපියල්          80.00
ඉරිඟු             රුපියල්         125.00
සුදු ලූනු         රුපියල්          350.00

Read more

Local News