වත්මන් ව්‍යසනකාරි තත්ත්වය නිසා ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල යුනිසෙෆ් සංවිධානය (UNICEF) විසින් දරුවන් සම්බන්ධ කර ගනිමින් සංවිධානය කර ඇති විශේෂ වැඩසටහනකට සමගාමීව, වත්මන් ව්‍යසනකාරි තත්ත්වය නිසා ළමා මනසට බලපා ඇති ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම සඳහා ශ්‍රි ලංකාව වෙනුවෙන්, දරුවන්ට සමීප රාජ්‍ය නායකයෙකු ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා තෝරා ගෙන තිබේ.
ඒ අනුව වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳ තමාට ඇති ගැටළු සම්බන්ධයෙන් වයස අවුරුදු 18ට අඩු ඕනෑම දරුවෙකුට, තම ගැටළුව තත්පර 10ක වීඩියෝවක් ලෙස පටිගත කර අගමැතිවරයා වෙත ඉදිරිපත් කළ හැකිය.
එලෙස පටිගත කළ වීඩියෝව ෆේස්බුක් පණිවිඩයක් ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ යොමු කිරීමේ අවස්ථාව සලසා තිබේ. මෙහිදී එම පුශ්නවලට අගමැති විසින් ලබාදෙන පිළිතුර මහින්ද රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ නිකුත් කිරීමට කටයුතු සැළසුම් කර ඇත.
මේ පිළිබඳ වැඩි විස්තර, අග්‍රාමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය කර ඇති දැන්වීම් පෝස්ටුව මගින් ලබා ගත හැකිය.
සැ.යු.- දැනටමත් සමාජමාධ්‍ය ඔස්සේ ගැටළු ලබා ගැනීම ආරම්භ ඇති අතර ගැටළු ඉදිරිපත් කිරීම අද රාත්‍රි 12.00ට පෙර සිදුකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.



