කාෙරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබයි

Share

අද(23) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

 

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 107 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයන් ගණන 335 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනය තුල කොවිඩ් රෝගීන් 5ක් වාර්තා වු අතර ඉන් 4ක් කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි වුවන් බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.

ඊයේ(22) රාත්‍රිය වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනෙකු හඳුනා ගනු ලැබීය.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 20 දෙනා අතරින් 11 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

ඊයේ දිනයේ හඳුනා ගත් 12 වැනි ආසාදිතයා පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් වාර්තා විය.

ඒ සමඟ එහි ගම්මාන 12ක් හුදෙකලා කිරීමට පියවර ගැනුණි.

අසාදිතයා වැලිසර නාවික හමුදා කඳවුරට අනියුක්තව සේවය කරන අයෙක් බව පොළොන්නරුව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය.

එමෙන්ම ඔහු සමඟ ඍජු සබඳතා පැවැත්වූ අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11ක 43 දෙනෙකු නිරෝධායනය මධ්‍යස්ථාන 2කට යොමු කර තිබේ.

මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ 13 වැනි ආසාදිතයා ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ජාඇල සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉතිරි ආසාදිතයින් 07 දෙනා වාර්තා වී තිබුණේ කන්දකාඩු නිරෝධායනය මධ්‍යස්ථානයෙන්.

කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි ඔවුන් මීට පෙර නිරෝධායනය සඳහා රැගෙන ගොස් තිබුණි.

මේ අනූව ඊයේ දවස තුළ වාර්තා වූ ආසාදිතයින් 20 දෙනා සහ අද දින හමුවු රෝගීන් 5ක් සමග මෙරට සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 335 දක්වා ඉහළ ගියේය.

මේ වන විට ආසාදිතයින් 223 දෙනෙකු පූර්ණ වෛද්‍යය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි.

කොරෝනා වැලදිමෙන් මේ වන විට ලංකාවේ මරණ 7 ක් සිදුව තිබේ.

Read more

Local News