ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයෙන් ඩොලර් මිලියන 30 ක පරිත්‍යාගයක්

Share

ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන 30ක මුල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමට චීනය තීරණය කර තිබේ.

 

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය මැඩපැවැත්වීමේ කටයුතු වෙනුවෙන් අදාළ මූල්‍ය පරිත්‍යාගය සිදුකිරීමට චීන රජය තීරණය කර ඇති බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයට විශාලතම දායකත්වයක් ලබාදෙන අමෙරිකාව සිය මූල්‍යාධාර අත්හිටුවීමට තීරණය කිරීමෙන් අනතුරුව චීනය මෙම මූදල් පරිත්‍යාගය සිදුකිරීම විශේෂත්වයක්.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයට මුහුණදීමේ දී නිසි කළමනාකරණයකින් තොරව කටයුතු කළ බවට අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල කර තිබුණි.

Read more

Local News