ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 22000 ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් ස්පාඤ්ඤයේ සිදුවූ මරණ සංඛ්‍යාව 22,000 ඉක්මවා තිබේ.

 

ගත වු පැය 24 තුළ එරටින් මරණ 440ක් වාර්තා වීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 22,157ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් වැඩිම රටවල් අතරින් දෙවන ස්ථානයට පත්ව ඇති ස්පාඤ්ඤයේ අද වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 8000 ඉක්මවයි.

ඒ අතරින් රෝගීන් 85,915 දෙනෙකු සුවය ලබා ඇති බව වාර්තා වෙයි.

Read more

Local News