සුරාබදු නිලධාරීන්ට පහර දුන් සැකකරුවන් රිමාන්ඩ්

Share

අද(23) දින හඟුරක්කෙත පොලිස් වසමේ රිකිල්ලගස්කඩ නගරයේ දී සුරාබදු නිලධාරීන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හඟුරක්කෙත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබේ.

 

හඟුරක්කෙත පොලිස් වසමේ රිකිල්ලගස්කඩ නගරයේ පිහිටි රටබීම හලක් රාත්‍රී කාලයේ විවෘත කර මත්පැන් නිකුත් කරන බවට මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් එක්කයේ නිලධාරීන්ට තොරතුරක් ලැබී ඇත.

ඒ අනුව සිදු කළ වැටලීමක් සිදු කිරීම සඳහා එම නිලධාරින් අදාළ ස්ථානයේ සැඟව සිටිය දී එම ස්ථානයට පැමිණි පුද්ගලයින් තිදෙනෙක් විසින් වැටලීම සඳහා පැමිණ සිටි සුරාබදු නිලධාරීන් දෙදෙනාට පහර දී තල්ලු කර පලා ගොස් ඇත.

පහර කෑමට ලක් වු සුරාබදු නිලධාරින් දෙදෙනා ප්‍රතාකාර සඳහා රිකිල්ලගස්කඩ හා මහනුවර රෝහල් වෙත ඇතුළත් කර ඇත.

මෙම පහර දීම සම්බන්ධයෙන් අද රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ දී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පහර කෑමට ලක් වු නිලධාරීන්ගේ ප්‍රකාශ මත පහර දුන් අවස්ථාවේ රැගෙන ආ බවට සැක කරන බෝර 12 වර්ගයේ ගිනි අවියක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් අද වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර, එහිදී සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇත.

සැකකරුවන් තිදෙනා අප්‍රේල් 27 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

හඟුරක්කෙත පොලීසිය වැඩිදුරට විමර්ශන සිදු කරයි.

Read more

Local News