ඉන්දියාවේ සිට පැම්ණි සිසුන් 101 දෙනා පූනානි නිරෝධායන මධ්‍යස්ථානයට

Share

ඉන්දියාවේ සිට අද දහවල් මෙරටට පැම්ණි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

 

එම සිසුන් රැගෙන ඒම සදහා ශ්‍රි ලංකන් ගුවන් සේවයේ යු.එල්.1145 දරණ ගුවන් යානය අද(23) උදෑසන 6.15ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටත්ව ගිය බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේය.

ඉන්දියාවේ අමිර්තසාර් හි රැදී සිටි එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 101 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පළමු කණ්ඩායම ලෙස පාකිස්ථානයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 113 දෙනෙකු පසුගිය 21 වැනිදා පස්වරුවේ දිවයිනට පැමිණියේය.

තවත් 210 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් හෙට(24) දිනයේ දිවයිනට රැගෙන ඒමට නියමිත බව සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.

 

Read more

Local News