ඇඳිරි නීතිය ලිහිල් කළ ද සුරාසැල් වසා තබන්නැයි නියෝග කළත් රහසිගතව මත්පැන් අලෙවිය සිදුවන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් පළාතේ සියලු සුරාසල් මුද්‍රා තබන්නැයි දකුණු පළාත් සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.
ඒ අනුව ගාල්ල,බලපිටිය,බෙන්තර,ඌරගහ,ඇල්පිටිය ආදි ප්‍රදේශවල සියලු සුරාසැල්වලට මුද්‍රා තැබුණා.
මේ අතර තවදුරටත් ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල අත්‍යවශ්‍ය සේවා බලපත්‍ර අවභාවිත කරන පිරිස් බහුලව පොලිස් පරික්ෂාවට ලක් වෙයි.
ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අන්තර්ජාලය හෝ දුරකතන ඇණවුම් මඟින් පමණක් ඖෂධ අලෙවිය සිදුකරන ලෙස උපදෙස් ලබාදී තිබෙන පසුබිමක ඔසුසැල් විවෘත කර අලෙවි සැල අද වසා දැමිය.



