රනිල් සමග ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි සංගමය සාකච්ඡාවක නිරත වෙයි

Share

පසුගිය දා රනිල් වික්‍රමසිංහ මහතා සමග ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි සංගමය සාකච්ඡාවක නිරත වි තිබේ.
එම සංවාදය පිළිබද රනිල් වික්‍රමසිංහ මහතා සිය මුහුණු පොතෙහි මෙසේ සදහන් කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදි සංගමය (IDU) විසින් සංවිධානය කරන ලද “COVID-19 සඳහා වූ ප්‍රතිපත්ති සහ විද්‍යාත්මක ප්‍රතිචාරය” පිළිබඳ සාකච්ඡා කරන ලද සම්මන්ත්‍රණයකට පසුගියදා අන්තර්ජාලය හරහා මා සම්බන්ධවුණා.
IDU යනු ඉන්දියාව, ජර්මනිය, එක්සත් ජනපදය, දකුණු කොරියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ බ්‍රසිලය ඇතුළු ලොව පුරා ඇති දේශපාලන පක්ෂ එකතුවකි.
2005 වසරේ සිට මා එහි උප සභාපතිවරයා ලෙස කටයුතු කිරීම හේතුවෙන්, මෙමගින් ශ්‍රි ලංකාවට ලැබිය හැකි ප්‍රතිලාභ මොනවාද යන්න පිළිබඳ වැටහීමක් මා තුළ ඇතිවිය.
කොවිඩ් – 19 වසංගතයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ගෝලීය නායකත්ව වේදිකාවක් මෙම සංවිධානය විසින් අපට සපයනු ලබන අතර මෙම වෛරසයට එරෙහි සටනේදී අන්තර්ජාතික ප්‍රජාව සමඟ තවදුරටත් සම්බන්ධ වෙමින් වෙෙරසයෙන් රට මුදවා ගැනීමට අවශ්‍ය අවස්ථාවන්ද මෙමගින් අපට ලැබෙනු ඇත.
එසේම මෙම අර්බුදයේදී නායකත්වය ගෙන කටයුතු කරනු ලබන අතිගරු ඇන්ජෙලා මර්කල් සහ අතිගරු අර්නා සොල්බර්ග්ට සුබ පතන්නටද මම මෙය අවස්ථාවක් කර ගන්නා අතර ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය, IDU වෙත බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.

Read more

Local News