විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ.
ඉන්දියාවේ කොයිම්බතූර් සිට ශ්‍රී ලාංකිකයින් 117 දෙනෙකු සහ නේපාලයේ කත්මණ්ඩු සිට තවත් පුද්ගලයින් 93 දෙනෙකු අද(24) දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය.
දිවයිනට පැමිණීමෙන් පසු ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි ශ්‍රි ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතයි.
ඉන්දියාවේ අමරිට්සර් හි සිට සිසුන් 101 දෙනෙකු ඊයේ දිනයේ දිවයිනට පැමිණියාය.
මේ අතර දුෂ්කරතාවට පත්ව සිටින විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් ආදාළ රට වල තනාපති කාර්යාල තුළ ලියාපදිංචි විය යුතු අතර පසුව ඔවුන් මෙරටට ගෙන්වා ගැනිමට කටයුතු කරන බවයි සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේය.



