ශ්‍රී ලංකාව හා පවත්නා සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස අද (18) දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී ඔවුන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.
සංචාරක නේපාල යුද්ධ හමුදා ප්‍රධානී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන්, ගරු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය, ආරක්ෂක අමාත්‍යංශ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික සහ ගුවන් හමුදාපතිවරුන් හමුවීමට නියමිත අතර,ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීම පිණිස යුද්ධ හමුදා ක්ෂේත්‍ර මූලස්ථානයේ ද සංචාරයක නිරතවීමට නියමිතව ඇත.




