කොවිඩ් නයින්ටීන් වෛරසය වැළදී වරෙක අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ, බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පූර්ණ සුවය ලබා ඇතැයි බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙයි.
බ්‍රිතාන්‍ය පුවත් වැඩිදුරටත් පවසන්නේ, අගමැතිවරයා ලබන සඳුදා සිට නැවත සිය ධුරයේ රාජකාරි ඇරඹීමට නියමිත බවයි.
එමෙන්ම සුව ලැබූ අගමැති ජොන්සන්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමගින් දුරකතන සංවාදයක නිරතව ඇත.
ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, බ්‍රිතාන්‍ය අගමැතිවරයා සුවය ලැබීම ඉතාමත් විශිෂ්ට තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී ද බ්‍රිතාන්‍ය යෙන් කොවිඩ් මරණ 638ක් වාර්තා වී තිබුණි.




