උතුරු මැද නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ ආරක්ෂක යාත්‍රාවක් මඟින් ඊයේ (17) මන්නාරමට දකුණු දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 03 දෙනෙකු සහ ඔවුන්ට අයත් කුඩා වර්ගයේ යාත්‍රාවක් (Indian Dhow) අත්අඩංගුවට ගෙන ඇත.
තවද, අත්අඩංගුවට ගත් ධීවරයින් පරික්ෂා කිරීමේදි එක් ධිවරයෙකුගේ ශරිරයේ සඟවාගෙන සිටි හෙරොයින් මිලිග්‍රෑම් 410 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වු අතර, අත්අඩංගුවට ගත් යාත්‍රාව, ධීවරයින් සහ හෙරොයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.