පවතින වාතාවරණය අනුව තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම දැඩි අවදානම්කාරී වනු ඇති බව කැෆේ සංවිධානය පවසයි.
තැපැල් ඡන්ද අයදුම් පත් නිලධාරීන් කිහිපදෙනෙකු අත හුවමාරු වන බවත් ඒ අතර එක් ආසාදිතයෙකු හෝ සීටීමේ දැඩි අවධානමක් මේ වනවිට පවතින බවයි එම සංවිධානය වැඩිදුරටත් පවසන්නේ.
තවද පවතින තත්ත්වය අනුව සියලුම රජයේ කාර්යාල අප්‍රේල් 27 වන දිනය වන විට යථා පරිදි සේවා කටයුතු ආරම්භ කරනු ඇතැයි ද අපේක්ෂා කළ නොහැකි බවත් මේ නිසා තැපැල් ඡන්ද අයදුම් කළ යුතු රාජ්‍ය නිලධාරීන්ට එය ප්‍රායෝගික ගැටළුවක් වනු ඇති බවත් කැෆේ සංවිධානය පවසයි.
මෙම කරුණු පිළිබඳව සලකා බලා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම පිළිබඳ සුදුසු සෞඛ්‍ය ආරක්ෂිත තීරණයක් ගන්නා මෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය සඳහන් කරයි.



