කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි තවත් පුද්ගලයින් පස් දෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වි ඇති බවට ඊයේ (23) තහවුරු කර ගැනුණි.
ඒ අතර වයස අවුරුදු 13 සහ 16 ක දරුවන් දෙදෙනෙකුද සිටින බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්.කේ.චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
එමෙන්ම අදාළ ආසාදිතයින්ගේ පවුල්වලට අයත් පුද්ගලයින් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමටද ඊයේ රාත්‍රියේම පියවර ගැනුණි.
මෙවන් පසුබිමක අද දිනයේදිත් කොළඹ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනාගැනුණි.
ඒ අතර මාස හයක බිලිඳෙකු සහ සුපිරි වෙළඳසැලක සේවකයින් දෙදෙනෙකු ද වෙයි.
එම ආසාදිතයන් මේ වන විට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත යොමු කර ඇත.



