තවත් කොරෝනා ආසාදිතයන් තිදෙනෙකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව අද(25) දිනය වන විට කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 420 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඒ අනුව මෙරටින් එක් දිනක් තුළ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේ වාර්තා විම විශේෂත්වයකි.
ඉන් ආසාදිතයින් 11 දෙනෙකු නිරෝධායනයට ලක් කර සිටි බණ්ඩාරනායක මාවතේ පිරිසක් වෙයි.
ආසාදිතයින් 30 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ නාවිකයින් වන අතර 05 දෙනෙකු නිවාඩු ලබා ගොස් සිටි නාවික හමුදා සාමාජිකයින් පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි.
එමෙන්ම මරදාන ප්‍රදේශයේ පදිංචි ගැබිනි කාන්තාවකට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණි.
ඇය දරු ප්‍රසූතිය සදහා රෝහල්ගතව සිටි කාන්තාවක් වන අතර ඇයගේ බිරිදා කුස තුළම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනමින් සිටි පුද්ගලයින් 109 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.
කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය විම හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තිබේ.



