කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
ඒ විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ‍්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතාගෙනි.
පොදු සමාකාලය තුළ එරටින් පිටවිම සඳහා තිබු කාලය අද (25) අවසන් විය.
අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කුවේට් තානාපතිවරයා සමඟ සිය අමාත්‍යාංශයේ පෙරේදා (22) පැවති සාකච්ඡවකදීය.
මේ සඳහා ඉතාම ඉක්මණින් සාධනීය පිළිතුරක් ලබා දෙන බව තානාපතිවරයා එහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප‍්‍රකාශ කර තිබේ.
මේ අතර කුවේටයේ නීති විරෝධීව රැදී සිටින ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබේ.
කුවේට් රජයේ උපදෙස් පරිදි එරට ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නීති විරෝධීව රැදි සිටින ශ‍්‍රමිකයන් ලියාපදිංචි කිරිම ආරම්භකොට තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ‍්‍රමිකයන් සම්බන්ධව තොරතුරු සම්බන්ධිකරණය කුවේටයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය හරහා සිදුකරමින් සිටී.
මෙම සාකච්ඡාව සඳහා විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් එක්වී සිටියහ.



