කොවිඩ් වසංගතයෙන් වැඩිම බලපෑමකට ලක්වූ අමෙරිකාවෙන් ආසාදිතයින් 890,524 හඳුනාගෙන ඇත.
එරටින් වාර්තාවී ඇති සමස්ත මරණ ගණන ඊයේ රාත්රියේදී පනස් දහස ඉක්මවා ගියේය.
ඒ ගතවූ පැය 24දී වාර්තා වූ මරණ 3 000ත් සමඟින්.
කෙසේ නමුත් විදෙස් වාර්තා පවසන්නේ, එරට ආසාදිතයින් බහුලව වාර්තා නොවන ජෝර්ජියාව, ඇලස්කා සහ ඔක්ලහෝමා වැනි ප්‍රාන්තවල රූපලාවන්‍යාගාර සහ සෙසු ව්‍යාපාර යළි විවෘත කිරීමට නියමිත බවයි.



