ට්‍රම්ප්ගේ කොවිඩ් මර්දන විසඳුම

Share

අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් මරණ ගණන පනස් එක්දහස ඉක්මවා ගියේය.

 

මේ අතර විෂබීජහරණ දියර සිරුරට ඇතුලු කරගැනීමෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් ලොවපුරා බොහෝදෙනාගේ විවේචනයට ලක්ව තිබේ.

විශබීජනාශක දියර මිනිස් සිරුරට ඇතුළු කරගැනීමෙන් වෛරසයෙන් වැලකිය හැකි බවට අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් කල ප්‍රකාශය ලෝකයේ ප්‍රකට විශබීජනාශක දියර නිශ්පාදන ආයතන රැසක් තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

ඔවුන් පෙන්වා දෙන්නේ කිසිදු හේතුවක් මත, විශබීජනාශක දියර පානය හෝ වෙනත් ක්‍රමයකින් මිනිස් සිරුරට ඇතුලු කරගැනීම මාරාන්තික විය හැකි බවයි.

කෙසේ නමුත් ජනාධිපතිවරයා අද පැවසුවේ තමන් එම ප්‍රකාශය සිදුකළේ හාස්‍ය රසය සදහා පමණක් බවයි.

කොවිඩ් වෛරසය ආරම්භ වූ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු සඟවන බවට එල්ල වන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කළේය.

මේ අතර කොවිඩ් වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ ගණන 195,920 ක්.

කොවිඩි නයින්ටීන් වෛරසය ලෝකයේ පළමුවරට හදුනාගැණුනේ චීනයේ හුබෙයි ප්‍රාන්තයේ වූහාන් නගරයෙන්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වාර්තා වු වෛරස වූහාන්හි සත්ත්ව වෙළෙදපොළවලින් ආරම්භ වූ බවට සැලකෙයි.

කෙසේ නමුත් අදවනවිට ලෝකය පුරා වසංගත තත්ත්වයෙන් වෛරස ව්‍යාප්තිය සිදුව ඇති අතර ඉන් සිදුව ඇති සමස්ත මරණ ගණන ලක්ෂ දෙකකට ආසන්නයි.

චීනය හිතාමතාම වෛරසයේ තතු සඟවන බැවින් ඒ සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට යුරෝපා සංගම් වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප්ද චීනයට අවස්ථා කිහිපයකදී චෝදනා එල්ල කළේය.

මිසූරිහි අධිකරණයක් ඒ සම්බන්ධයෙන් චීන රජයට එරෙහි නඩුවක් පවා ගොනු කළේය.

එහෙත් චීනය මේ සියල්ල ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ, මෙවන් ගැටලු හේතුවෙන් කොවිඩ් මර්දනය සම්බන්ධ චීනයේ සටනට බාධා එල්ලවනු ඇති බවයි.

Read more

Local News