නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරි යළි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබේ.
ඒ, මෙහෙයුම් මාර්ගෝපදේශයන්ට අනුව ය.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිරාෂා ජයරත්න මෙනවිය සඳහන් කළේ, ඒ අනුව දෙපාර්තමේන්තුවේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බවයි.



