නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අද සිට යළි අරඹයි

Share

නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු අද(27) සිට යළි ආරම්භ වෙයි.

 

එම දෙපාර්තමේන්තුවේ රාජකාරියේ නියුතු පෞද්ගලික ආරක්ෂක අංශ සාමාජිකාවක් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගත් නිවසකින් ආහාර ලබාගැනීම හේතුවෙන් ඇති වූ සැකය මත නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය සදුදා සිට වසා දැමුණි.

එහි සේවයේ නියුතු එම ආරක්ෂක නිලධාරිනිය ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් වෛද්‍ය පරීක්ෂණ සදහා ලක් කෙරුණ ද ඔවුන් අතරින් කිසිදු ආසාදිතයෙකු හමු වී නොමැති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරය මත එහි කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතයි.

Read more

Local News