තවත් කොරෝනා ආසාදිතයින් 34ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 557 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් හය දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ වැලිකන්ද මූලික රෝහලේ සිටි ආසාදිතයින් සිව් දෙනෙකු, අයි.ඩි.එච්.රෝහලේ සිටි එක් ආසාදිතයෙකු සහ මුල්ලේරියාව මුලික රෝහලේ සිටි ආසාදිතයෙකු අද දිනයේ සුවය ලබා එම රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වන විට පුර්ණ සුවය ලැබු ආසාදිතයින් සංඛ්‍යාව 126 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.



