කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිත වී ඉන් සුවය ලැබු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අද (27) සිට සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කර තිබේ.
දින කිහිපයක් ස්වයං නිරෝධායනයට ලක්ව සිටි බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පසුව රෝහල්ගත කෙරුණු අතර දින 03ක් දැඩි සත්කාර ඒකකයේ ද ප්‍රතිකාර ලැබුවේය.
පසුව ඔහු පූර්ණය සුවය ලැබූ අතර තවත් දින කිහිපයක් විවේක ගැනීමෙන් අනතුරුව ඩව්නින්ග් වීදියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කටයුතු සදහා ඔහු අද පැමිණෙන බවයි බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේ.
අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේ මුලසුන ද සති 03ක පමණ කාලයකට පසු අග්‍රාමාත්‍යවරයා විසින් හෙබවීමට නියමිතයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා සිය ධුරයේ කටයුතු නොකළ පසුගිය කාලය තුළ නියෝග නිකුත් කිරීමේ බලය පැවරුණේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් වෙතට යි.




