ලොව පුරා කොරෝනා මරණ දෙලක්ෂය ඉක්මවයි

Share

ලොව පුරා කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව අද(27) මිලියන 3 ඉක්මවා ගියේය.

 

මියගිය ගණන දෙලක්ෂ හත්දහස් හත්සියකට අධිකයි.

මේ අතර සිය ජනයා බලමුළු ගන්වමින් “කොරෝනාවෛරසයට එරෙහිව යුද්ධයක්” ප්‍රකාශයට පත් කළ වියට්නාමය සංචරණ සීමා ලිහිල් කරමින් යළි පාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද  මිලියන 3 ඉක්මවා ගියේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වූ මෙම වෛරසය මාස පහක් තුළ ඇන්ටාක්ටිකාව හැර ලොව සියලු මහද්වීප වෙත පැතිර ගොස් අවසන්ය.

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් මරණ  1,157ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 55,415 දක්වා ඉහළ ගියේය.

ඒ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ, නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්ය.

ගත වූ පැය 24 තුළ එරටින් නව ආසාදිතයින් 26,509ක් හඳුනාගැනෙද්දී නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වුයේ ආසාදිතයන් 367 දෙනෙකු පමණයි.

එය මාර්තු 30 වැනිදායින් පසු  නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් වාර්තා වූ අඩුම ආසාදිතයන් සංඛ්‍යාවයි.

වෛරසයෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ඉතාලියෙන් ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 260 ක් වාර්තාවූයේ සමස්ත මරණ සංඛ්‍යාව 26,644 දක්වා ඉහළ නංවමින්ය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, සති හතක් තිස්සේ වසා දමා ඇති ඉතාලි ජනතාවගේ මානසික ව්‍යාකූලත්වය තීරණාත්මක ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ගත වූ පැය 24 තුළ පුද්ගල මරණ 288ක් වාර්තා විමත් සමග ස්පාඤ්ඤයේ කොවිඩ් මරණ සංඛ්‍යාව 23,190 දක්වා ඉහළ ගියේය.

වෛරස හේතුවෙන් සම්පූර්ණයෙන් හුදෙකලා කෙරුණු ස්පාඤ්ඤයේ පළමු නගරය වන ඉගුවලාදා (Igualada) නගරයට නිදහසේ ආස්වාදය  විඳ ගැනීමට මේ වනවිට හැකි වී තිබේ.

දැඩි සංචරණ සීමා ඉවත් කිරීමේ පියවරක් ලෙස එම නගරයේ වයස අවුරුදු 14 ට අඩු ළමුන්ටත් සිය නිවෙස්වලින් බැහැරව යාමට අවසර හිමිවුණා.

්ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් පුද්ගල මරණ 242ක් වාර්තා වූයේ  සමස්ත මරණ සංඛ්‍යාව 22,856 දක්වා ඉහළ දමමින්ය.

එක්සත් රාජධානියේ සමස්ත මරණ ගණන මේ වන විට 20,732 දක්වා ඉහළ ගොස් ඇත්තේ ගත වූ පැය 24 තුළ අලුතින් මරණ 413ක් වාර්තා වීමත් සමඟයි.

මේ අතර වෛරසය අසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද යළි සිය රාජකාරී ආරම්භ කළේය.

බ්‍රිතාන්‍යය අගමැති බොරිස් ජොන්සන් -“හැම කෙනෙක්ටම වගේ මටත් රට වසා දැමීමේ දිගු කාලීන ප්‍රතිවිපාක තියෙනවා කියලා පැහැදිලිව පේනවා.ඒත් වෛරසය පාලනය නොකිරීමේ අවදානම නිසා දෙවන රැල්ලක අවදානමකුත් තියෙනවා කියලා අපි හඳුනාගෙන තියෙනවා.“

ඒත් අපි වෛරසයේ දෙවන රැල්ල අපි හඳුනා ගත යුතුයි.

ඔහුට එම වෛරසයේ පාලනය අහිමි වීමේ අවදානමක් ඇත

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ 56ක් වාර්තා වී තිබුණේ සමස්ත මරණ සංඛ්‍යාව 881 දක්වා ඉහළ දමමින්.

මේ අතර සංචරණ සීමා උල්ලංඝනය කළ තරුණයින් කිහිප දෙනෙකුට  අපූරු පාඩමක් ඉගැන්වීමට තමිල්නාඩු පොලිසිය කටයුතු කළා.

ඒ වෛරසය ආසාදිත රෝගියෙක් ලෙස වෙස් ගැන්වූ පුද්ගලයෙක් සිටින ගිලන් රථයකට නීති කඩකරන්නන් නැංවීමයි.

නව කෝටි හැත්තෑ ලක්ෂයක පමණ ජීවත් වන වියට්නාමය සංචරණ සීමා ලිහිල් කරමින් යළි පාසැල් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිය ජනයා බලමුළු ගන්වමින් “කොරෝනාවෛරසයට එරෙහිව යුද්ධයක්” ප්‍රකාශයට පත් කළ වියට්නාම කොවිඩ් ආසාදිතයින් 270කට සීමා කිරීමට සමත් වූ අතර එරටින් එකදු මරණයක් හෝ වාර්තා වූයේ නැහැ.

මේ වනවිට රුසියාවත් කොවිඩ් වසංගතයට දැඩි බලපෑමට නතුව තිබෙනවා.

එරටින් ආසාදිතයන් 80,949ක් හඳුනාගෙන ඇති අතර වාර්තා වන මරණ සංඛ්‍යාව 747ක්.

වසංගත ව්‍යාප්තිය මධ්‍යයේ වුවද රුසියානු ප්‍රහාරක යානා නියමු පියාසර පුහුණු අභ්‍යාසයකට එක්ව සිටියේය.

මේ පියාසර පුහුණු අභ්‍යාසවලට සමගාමීව රුසියානු ගුවන් හමුදා භටපිරිස් ආක්ටික් ප්‍රදේශයේ පැරෂුට් පුහුණුවකට ද එක්ව සිටියේය.

කොවිඩ් වසංගතයේ මීළග කේන්ද්‍රස්ථානය වියහැකි බවට සැලකෙන අප්‍රිකානු මහද්විපයෙන් ආසාදිතයින් 32,657ක්  හදුනාගෙන ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හමුව ඇත්තේ දකුණු අප්‍රිකාවෙන්ය.

ආසාදිතයන් 4,546ක් එරටින් වාර්තා වන අතර මරණ ගණන 87කි.

ගත වූ පැය 24 තුළ චීනයෙන් අලුතින් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයන්  11 දෙනෙකු පමණයි.

අද වන විට අමෙරිකාවෙන් ආසාදිතයන් 987,322,ක් , ස්පාඤ්ඤයෙන් 226,629,ක් , ඉතාලියෙන් 197,675,ක් , ප්‍රංශයෙන් 162,100ක් , ජර්මනියෙන් 157,770,ක් සහ එක්සත් රාජධානියෙන් 152,840, ක් හඳුනාගෙන තිබේ.

Read more

Local News