පොලීසියෙන් විශේෂ දැනුවත් කිරීමක්

Share

පරීක්ෂා කිරීමේ දී මහජනතාව හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හා අනෙක් බලපත්‍ර පොලිස් නිලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු ආකාරය පිළිබඳ පොලිස් මාධ්‍ය කොට්ඨාශය දැනුවත් කිරීමක් සිදු කර තිබේ.

 

ඒ අනුව පොලිස් නිලධාරියා දෙස නොබලා ඉදිරිය බලා ගෙන තම හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හෝ අනෙක් බලපත්‍ර ඉදිරිපත් කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පරීක්ෂා කිරීම්වලදී සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීමට නොහැකි වන බැවින් ඇතැම් විට පරීක්ෂාවට ලක්වෙන තැනැත්තා සහ පොලිස් නිලධාරියා මුහුණට මුහුණ බලාගෙන කටයුතු කිරීම මත කොරෝනා වෛරසය බෝවීමේ වැඩි අවධානමක් පවතින බවද ‍පොලීසිය පවසයි.

ඒ අනුව මාර්ග බාධක සහ පරීක්ෂණ කපොලුවල තැනැත්තන් පරීක්ෂා කරන අවස්ථාවලදී ජාතික හැඳුනුම්පත, ඇඳිරි නීති බලපත්‍ර හෝ අනෙක් බලපත්‍ර පරීක්ෂා කිරීම සඳහා පහත ඡායාරූපයේ දැක්වෙන ලෙස ඉදිරිපත් කළ යුතුයි.

Read more

Local News