ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර තිබේ.
එහිදී හෙරොයින් ග්‍රෑම් 5 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 23 ක් වු රත්මලාන ප්‍රදේශයේ පදිංදිකරුවෙකි.
සැකකරු අද(28) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.



