දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය

Share

දෛනික PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ද එක්කරගනිමින් වැඩිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

 

ඒ පිළිබඳ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාලවල වෛද්‍ය අංශ ප්‍රධානීන් අතර ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ මඩකලපුව විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ හා විද්‍යා පීඨවල රසායනාගාර කේන්ද්‍ර කරගනිමින් පී සී ආර් පරීක්ෂණ වැඩි කිරීමට නියමිතයි.

දැනට දිනකදී සිදුකරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව තවත් පරීක්ෂණ දහසක් දෛනිකව සිදු කිරීමට මෙමගින් හැකිවනු ඇති.

Read more

Local News