ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට ඇතුළුවීම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තහනම්

Share

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කර ඇති විරෝධතා පාගමන අද දිනයේ කොළඹ නගරයට පැමිණීමට නියමිතව ඇති බැවින් එයින් මහජනතාවට සිදුවිය හැකි පීඩා සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වා තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවලට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණය විසින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

එමෙන්ම අදාළ නියෝගය මගින් තවදුරටත් සදහන් වන්නේ වාහන ගමනාගමනයට හා පොදු මහජනතාවට හිරිහැර නොවන ලෙස කටයුතු කරන්නැයි අධිකරණය විසින් නියෝග කළ බවයි.

Read more

Local News