බස්නාහිර පළාතේ සිර වී සිටින්නන්ට වියළි සලාකයක්

Share

බස්නාහිර පළාත තුළ සිරවී සිටින පිරිස් සඳහා වියළි සලාකයක් ලබාදීමට තීරණය කර තිබේ.

 

ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබා දෙන්නැයි මහා භාණ්ඩාගාරයට දැනුම් දුන් බවයි.

ඒ ඒ ග්‍රාම සේවා වසම් හි දැනට සිරවී සිටින පිරිස් පිළිබඳ ග්‍රාම නිලධාරීන් සහ පොලීසියේ මැදිහත් වීම මත එම වියළි සලාකය ලබාදීමට පියවර ගෙන තිබේ.

මෙම කටයුත්ත කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි.

මේ වනවිට ලබා ගත් වාර්තා අනුව ගම්බිම්හි සිට විවිධ රැකියා සඳහා පැමිණි 52,000කට ආසන්න පිරිසක් බස්නාහිර පළාත තුළ සිරවී සිටින බව ආර්ථීක පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකාය පැවසුවේ ය.

Read more

Local News