ඊයේ(28) හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 65දෙනා අතුරින් 61දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, ආසාදිතයින් දෙදෙනෙකු නාරාහේන්පිට, දාඹරේ මාවත ප්‍රදේශයෙන් හඳුනාගත් බවය.
සෙසු ආසාදිතයින් දෙදෙනා ටොරින්ටර් 60 වත්ත ප්‍රදේශයෙන් සහ හැව්ලොක් ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.



