මාදම්පේ මත්ස්‍ය වෙළඳසැල තාවකාලිකව වසාදමයි

Share

රට අභ්‍යන්තරයේ පවතින විශාලම මත්ස්‍ය වෙළඳපොල ලෙස සැලකෙන කහවත්ත, මාදම්පේ මත්ස්‍ය වෙළඳසැල තාවකාලිකව වසාදමා තිබේ.

 

කොවිඩ් නයින්ටීන් අවදානම හේතුවෙන් මාදම්පේ මත්ස්‍ය වෙළඳ සංගමය විසින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

දිනපතා විශාල පිරිසක් ප්‍රදේශ රැසකින් මෙම මත්ස්‍ය වෙළඳපලට පැමිණෙන අතර එම සියලු පාර්ශවල සෞඛ්‍ය ආරක්ෂාව පිළීබඳ සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

කෙසේවෙතත් මේ දක්වාත් එම ප්‍රදේශයෙන් කිසිදු ආසාදිතයෙකු හෝ සැක සහිත පුද්ගලයෙකු වාර්තා වී නැත.

මේ අතර කෙරවලපිටිය සායනික අපද්‍රව්‍ය අංගනයේ සියලු සේවකයින් පී.සී.ආර් පරික්ෂණයකට ලක් කිරිමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

Read more

Local News