කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් වසා දමා ඇති නයිජීරියාවේ ප්‍රාන්ත කිහිපයක් යළි විවෘත කිරිමට එරට රජය තීරණය කර තිබේ.
ක්‍රමානුකූලව පියවරයන් කිහිපයක් යටතේ පනවා ඇති නිතී රිති ලිහිල් කිරිමට කටයුතු කරන බව එරට ජනාධිපති මුහම්මදු බුහාරි පවසා ඇත.
එහෙත් රාත්‍රී කාලයේ ඇඳිරි නීතිය පනවන අතර මුඛ ආවරණ පැළදිම අනිවාර්යය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
අප්‍රිකාවේ වැඩිම ජනගහනයක් සිටින රට සහ විශාලතම ආර්ථිකය හිමි නයිජීරියාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1273 ක් සහ මරණ 40 ක් වාර්තා වී තිබේ.




