අද හදුනාගත් ආසාදිතයින්ගෙන් 5 ක් නාවික හමුදා සෙබලුන්

Share

මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 596ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

ඒ අද දිනයේදී නව ආසාදිතයින් 08 දෙනෙකු හදුනාගැනිමත් සමගයි.

අද දිනයේදී හදුනාගත් ආසාදිතයින්ගෙන් 05 දෙනෙකු නාවික හමුදා සෙබලුන් වන අතර අනෙක් තිදෙනා පුනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හදුනාගෙන තිබේ.

මේ අතර කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 08 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

‍අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින්  පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

ඒ අනුව මේ වන විට ආසාදිතයින් 134 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 451 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව සදහන්.

මෙරට තුළ මේ වන විට කොවිඩ් මරණ 07ක් සිදුව  තිබේ.

මේ අතර වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එම සංඛ්‍යාව 155ක් බව ඔවුන් සදහන් කළේය.

මීට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 63දෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 47 දෙනෙක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 41 දෙනෙක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබේ.

‍කුරුණැගල දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක්, මහනුර දිස්ත්‍රික්කයෙන් 12 දෙනෙක්, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 08 දෙනෙක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 07 දෙනෙක්, මොණරාගල දිස්ත්‍රික්කයෙන් 04 දෙකේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තිදෙනෙකු  ලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

මීට අමතරව මාතර, කල්මුණේ, බදුල්ල, වව්නියාව, ගාල්ල, මඩකලපුව, මාතලේ සහ පොලොන්නරුව යන සෞඛ්‍ය දිස්ත්‍රික්ක වලින් ද ආසාදිතයින් වාර්තා වී තිබේ.

Read more

Local News